වාහන ගෙන්වීමට අවසර දීම ගැන අලුත් ආරංචියක්..මිල වැඩි වෙලාද..?

central bank vehicles ajth nivad kabral
By Sewvandhi Sep 27, 2021 12:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වාහන ආනයනයේ දී පැනවෙන බදු ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන් වෙත වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව මේ වනවිට සැලකිල්ල යොමුව ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මේ වනවිටත් මහබැංකුව කටයුතු සූදානම් කරමින් පවතින බවයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ.

එලෙස ඩොලර්වලින් බදු මුදල් ගෙවීම සඳහා වූ යෝජනා මේ වනවිටත් ඉදිරිපත් ව ඇති බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් ප්‍රකාශ කළා. එසේම රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට අවශ්‍ය ආර්ථික උපක්‍රම අනුගමනය කරමින් ඉදිරි පියවර රැසක් සැලසුම් කරමින් සිටින බවද මහ බැංකු අධිපතිවරයා පැවසුවා.

 කිරිපිටි ආනයනය සඳහා ගැටළුවක් ලෙසින් බලපා ඇති රුපියලේ අගය ස්ථාවර කිරීමට පියවර ගැනෙනවා. එමෙන්ම, ආනයනකරුවන්ද වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටියේ.

ඉන්ධන ආනයනයේදී මතු වී ඇති ගැටළු සඳහා මහ බැංකුව ඍජුවම මැදිහත් වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කළා. විදේශ විනිමය රැකගත යුතු මේ අවස්ථාවේ වාහන ආනයනය ගැටළුකාරී වන හෙයින් ඒ පිළිබඳව දෙසැම්බර් මාසයේ තීරණයකට එළැඹෙන බව මහ බැංකු අධිපතිවරයා කියාසිටියා.

මේ අතර, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සංවිධාන කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වන තුරු වාහන ආනයනය කිරීම සඳහා ඉඩ සැලසීමට අදහසක් නොමැති බවයි

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now