පාන් මිල අඩු කරයි . - නව මිල මෙන්න.
By Wayomi
ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පවසනවා.
කෙසේ වෙතත් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
පාන් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් පියවර නොගන්නේ නම් පාන් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පසුගිය දා ප්‍රකාශ කර සිටියා.