දිට්වා කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සුබ ආරංචියක් - රජයෙන් පරිත්‍යාගයක්

Report

දිට්වා' සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවර ජනතාව නගා සිටුවීම සඳහා නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් අද (23) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සහන සැලසීමේ වැඩසටහන යටතේ කුණාටුවෙන් පූර්ණ හානි වූ යාත්‍රා 11ක් වෙනුවෙන් නව යාත්‍රා පිරිනැමීම සංකේතාත්මකව ආරම්භ කළ අතර, අලුත්වැඩියා කරන ලද යාත්‍රා 14ක් සහ නව දැල් ආම්පන්න ද ධීවරයින් වෙත ලබා දීමට කටයුතු කෙරිණි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සමඟ බෙදා ගැනීමට සූදානම් බව ජනපති ට්‍රම්ප් කියයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සමඟ බෙදා ගැනීමට සූදානම් බව ජනපති ට්‍රම්ප් කියයි

දිට්වා කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් රජය දැවැන්ත සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මෙහිදී අවධාරණය කෙරුණු අතර, එම කටයුතු සඳහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 865ක මුදලක් වෙන් කර ඇති බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය.

මීට අමතරව, පීඩාවට පත් ඉස්සන් වගාකරුවන් දිරිමත් කිරීම සඳහා සියයට 3ක අවම පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 25ක් දක්වා වන ණය පහසුකම් ලබාදීමට ද රජය පියවර ගෙන තිබේ.

යුද්දෙට ඕමානයත් එක්වෙන ලකුණු - තවත් අනතුරු ඇගවීමක්

යුද්දෙට ඕමානයත් එක්වෙන ලකුණු - තවත් අනතුරු ඇගවීමක්