හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සමඟ බෙදා ගැනීමට සූදානම් බව ජනපති ට්‍රම්ප් කියයි

Report

ලෝක දේශපාලනයේ දැඩි අවධානයට ලක්ව ඇති හෝමුස් සමුද්‍ර සන්ධියේ අනාගත පාලනය පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද විශේෂ ප්‍රකාශය ඇතුළත් පුවත් වාර්තාවක් පිළිබඳව සඳහන් වේ.

ඒ  අනුව හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පාලනය ඉරානය සමඟ හවුලේ පවත්වාගෙන යාමට ඇමෙරිකාව සූදානම් විය හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

අද (23) මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ දැනට පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන රජයේ නිලධාරීන් රැසක් ඉවත් වී ඇති බැවින්, එරට පාලන තන්ත්‍රයේ වෙනසක් (Regime change) දැනටමත් සිදුවෙමින් පවතින බවයි.

යුද්දේ මැද්දේ ගේම ගහන ඉන්දියාව - දෙපැත්තම තරහ නොකර නැව් දෙකක් ගෙන්න ගනී

යුද්දේ මැද්දේ ගේම ගහන ඉන්දියාව - දෙපැත්තම තරහ නොකර නැව් දෙකක් ගෙන්න ගනී

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, ඉදිරියේදී තමා හෝ මීළඟට පත්වන ඉරාන නායකත්වය (අයතුල්ලා) සමඟ එක්ව මෙම වැදගත් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ඉඟි පළ කර තිබේ.

එහිදී එරට ඉතා බරපතළ මට්ටමේ පාලන තන්ත්‍රයක වෙනසක් සිදුවනු ඇති බව සහතික යැයි ද ඔහු අවධාරණය කර ඇත.

මෙම ප්‍රකාශයත් සමඟ කලාපීය ආරක්ෂාව සහ බලශක්ති සැපයුම් මාර්ගවල අනාගතය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

යුද්දෙට ඕමානයත් එක්වෙන ලකුණු - තවත් අනතුරු ඇගවීමක්

යුද්දෙට ඕමානයත් එක්වෙන ලකුණු - තවත් අනතුරු ඇගවීමක්