යුද්දෙට ඕමානයත් එක්වෙන ලකුණු - තවත් අනතුරු ඇගවීමක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ, ලෝක බලශක්ති සැපයුමට අතිශය තීරණාත්මක වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවල ආරක්ෂිත ගමනාගමනය තහවුරු කිරීම සඳහා තම රට දැඩි කැපවීමකින් කටයුතු කරන බව ඕමාන් විදේශ අමාත්‍ය බදර් අල්බුසයිඩි (Badr Albusaidi) පවසා ඇත.

විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ලෝක ආර්ථිකයට දැඩි බාධා එල්ල වී ඇති බවයි. මෙම යුද්ධය තවදුරටත් ඉදිරියට ගියහොත් ගෝලීය ආර්ථික අර්බුදය තවදුරටත් දරුණු විය හැකි බවටද ඔහු අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

අපි ඇමරිකාව එක්ක සාකච්චා කළේ නැහැ - ට්‍රම්ප් බොරු කියන්නේ - ඉරානයෙන් ඇත්ත හෙළිකරයි

අපි ඇමරිකාව එක්ක සාකච්චා කළේ නැහැ - ට්‍රම්ප් බොරු කියන්නේ - ඉරානයෙන් ඇත්ත හෙළිකරයි

"ඉරානය පිළිබඳ ඔබේ මතය කුමක් වුවත්, මෙම යුද්ධය ඔවුන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ" යැයි පවසන විදේශ අමාත්‍යවරයා, හෝමුස් සමුද්‍ර සන්ධිය සඳහා ආරක්ෂිත ගමන් මාර්ග සකස් කිරීමට ඕමානය මේ වන විට දැඩි වෙහෙසක් දරමින් සිටින බවද සිය 'X' ගිණුම හරහා සඳහන් කර ඇත.