ඉෂාරා සෙව්වන්දිගේ නමින් ඇති තවත් බැංකු ගිණුම් ගැන සියල්ල එළියට

Report

ගණේමුල්ලේ සංජීව නමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැත්තියට අයත් තවත් බැංකු ගිණුම් කිහිපයක් අනාවරණය කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (06) අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් මේ බව ප්‍රකාශ කළහ.

කොළඹ ජල සැපයුම ගැන විශේෂ නිවේදනයක් - කරන්න යන දේ ගැන දැනුම්දෙයි

කොළඹ ජල සැපයුම ගැන විශේෂ නිවේදනයක් - කරන්න යන දේ ගැන දැනුම්දෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන මෙම සැකකාරියගේ නමින් පවතින නව ගිණුම් සම්බන්ධයෙන් අදාළ බැංකු මගින් වාර්තා කැඳවා වැඩිදුර විමර්ශන සිදු කිරීමට ද මෙහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

සිද්ධියට අදාළව දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුවන් පස් දෙනෙකු අද දින සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ආයෙත් පාස්කු ප්‍රහාරයක් - ප්‍රාණ ඇපකරුවන් 31ක් බේරාගනී

ආයෙත් පාස්කු ප්‍රහාරයක් - ප්‍රාණ ඇපකරුවන් 31ක් බේරාගනී

පසුගිය වසරේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළදී සිදුවූ මෙම වෙඩි තැබීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් පවත්වන අතර, සැකකාරියගේ මූල්‍ය ගනුදෙනු හරහා මෙම අපරාධයට අරමුදල් සැපයූ ආකාරය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට පොලිසිය අපේක්ෂා කරයි.