කොළඹ කොටස් වෙළඳපොළ CEO තනතුරට බවලතෙක් ..
කොළඹ කොටස් වෙළඳපොළට නව ප්‍රධාන විධායක නිලධාරීවරියක් කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) නව ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුරට වින්ධ්‍යා ජයසේකර පත් කර තිබෙනවා.
ඒ 2025 ජනවාරි 01 වනදා සිට බලාත්මක වන පරිදියි.
වසර 11ක් එම තනතුරේ සේවය කොට විශ්‍රාම ලබන ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක වෙනුවටයි ඇය පත්කර ඇත්තේ.
ආයෝජන බැංකුකරණය සහ වත්කම් කළමනාකරණ කර්මාන්ත හරහා මිලදී ගැනීමේ සහ විකිණීමේ පාර්ශ්ව යන දෙඅංශයෙන්ම විශේෂඥතාවක් ඇති ප්‍රාග්ධන වෙළඳපොළවල වසර 20කට අධික අත්දැකීම් ඇය සතු වනවා.
නව තනතුරට පත්වීමට පෙර, ඇය NDB වෙල්ත් මැනේජ්මන්ට් ලිමිටඩ් හි ප්‍රධාන ආයෝජන නිලධාරිනිය ලෙස සේවය කර තිබෙනවා.
එහිදී ඇය රුපියල් බිලියන 380ක් ඉක්මවන වත්කම් අධීක්ෂණය කරමින් වත්කම් කළමනාකරණ අංශයට නායකත්වය දුන් බව පැවසෙනවා.
ඇයගේ සේවා කාලය තුළ, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, ණයකර, ආයතනික ණය සහ කොටස් ආයෝජන ඇතුලු විවිධ අවදානම්-ප්‍රතිලාභ පැතිකඩ සහිත අරමුදල් කිහිපයක අන්‍යෝන්‍ය අරමුදල් වත්කම් කළමනාකරණය කර තිබෙනවා.
2007 දී කීර්තිමත් “Fulbright–Lehman Brothers මූල්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නව නායකයින්” ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජයසේකර ඇමරිකා එක්සත් ජනපදයේ ලෙහ්මන් බ්‍රදර්ස් හි ආයතනයට තෝරා ගෙන තිබෙන බවද පැවසෙනවා.
ඇය කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) මූල්‍ය සේවා ඇකඩමිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය ඇතුළු බොහෝ ප්‍රමුඛ අධ්‍යයන සහ වෘත්තීය ආයතන සඳහා කථිකාචාර්යවරියක් සහ සම්පත්දායකයෙකු ලෙස සේවය කර තිබෙනවා.
මැය CFA ප්‍රඥප්තිලාභිනියක් සහ ගෝලීය අවදානම් වෘත්තිකයන්ගේ සංගමය විසින් පිළිගත් සහතිකලත් මූල්‍ය අවදානම් කළමනාකරුවෙකු (FRM) වනවා.
එමෙන්ම වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (ACMA) සහකාර සාමාජිකාවක් ද වන අතර වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී (CGMA) තනතුර හොබවනවා.
ඇය ඇමරිකා එක්සත් ජනපදයේ උර්බානා-චැම්පේන් හි ඉලිනොයිස් විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය මෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබාගෙන තිබෙන බව සඳහන්.
You may like this video