අධි අවදානම් කලාපවල පදිංචිකරුවන් වෙත NBRO වෙතින් නිර්දේශ

Report

අධි අවදානම් කලාපවල නිවාස 9,452 ක පදිංචිකරුවන් වෙනත් සුරක්ෂිත ඉඩමක නිවසක් සමඟ යළි පදිංචි කිරීම වෙනුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ ලබාදී තිබෙනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පෙරේදා (13) දින නිකුත් කර තිබූ වාර්තාවේ බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක 13 පිහිටි අධි අවදානම් කලාපවල තිබෙන නිවාස 9,452 ක පදිංචිකරුවන් වෙනත් සුරක්ෂිත ඉඩමක පදිංචි කළයුතු බවට දක්වා ඇත.

අඳාළ වාර්තාවට අනුව, පළමු ප්‍රමුඛතාව යටතේ වෙනත් ඉඩමක කඩිනමින් නැවත ඉදිකළ යුතු නිවාස සංඛ්‍යාව 2,025 ක් වේ.

එසේම දෙවන ප්‍රමුඛතාව යටතේ වෙනත් ඉඩමක කඩිනමින් යළි ඉදිකළ යුතු නිවාස සංඛ්‍යාව 2,499 ක් වේ.

මේ අතර නිවසට හානි සිදුව නොමැති නමුත් පදිංචියට නුසුදුසු නිවාස සංඛ්‍යාව 4,928ක් වශයෙන් දැක්වේ. මේ අතර වෙනත් සුරක්ෂිත ඉඩමක නිවසක් සමග නැවත පදිංචි කිරීම සඳහා නිර්දේශ කර තිබෙන අධි අවදානම් කලාපවල වැඩිම නිවාස සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එම නිවාස සංඛ්‍යාව 3,355 ක් වේ.

එමෙන්ම මෙහිදී පළමු ප්‍රමුඛතාවට අදාළ නිර්ණායක වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් සඳහන් කර ඇත්තේ නායයෑම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හානිවූ නිවාස හෝ එසේ ක්ෂණිකව හානිවිය හැකි නිවාස‍යි.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එමෙන්ම දෙවන ප්‍රමුඛතාවට අදාළ නිර්ණායක වශයෙන් සඳහන්කර ඇත්තේ නායයෑම් ලක්ෂණ පෙන්නුම් කරන අතර නායයෑම ආරම්භ වියහැකි සක්‍රීය කලාපය තුළ පිහිටි නිවාස වේ.

ඊට අමතරව ව්‍යුහාත්මක සහ ව්‍යුහාත්මක නොවන නායයෑම් අවම කිරීමේ ක්‍රමවේද සමඟ එම ඉඩමේම පදිංචිය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් ඉහත දිස්ත්‍රික්කවල මධ්‍ය අවදානම් කලාපයේ නිවාස 11,363 කට පසුගිය 13 වැනිදා වනවිටදී නිර්දේශ කර ඇති බව සඳහන්.

අද වැස්ස ගැන කියන කතාව - නවතම නිවේදනය

අද වැස්ස ගැන කියන කතාව - නවතම නිවේදනය

සියලුම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සියලුම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්