මේ ප්‍රදේශවලට තවදුරත් නාය යෑම් අනතුරු ඇඟවීම්

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව මෙරට දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා පළමු අදියර සහ දෙවැනි අදියර යටතේ මෙම අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම විශේෂ නිවේදනය හෙට (28 වැනිදා) පස්වරු 4.00 දක්වා බලාත්මකව පවතින බව එම සංවිධානය සඳහන් කරයි.

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

ලැබී ඇති දත්තයන්ට අනුව, නායයෑමේ අවදානම ඉහළ මට්ටමක පවතින ප්‍රදේශ සඳහා දෙවැනි අදියර යටතේ නිවේදන නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශ වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට මෙන්ම ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ය.

මෙම ප්‍රදේශවල කඳු බෑවුම් ආශ්‍රිතව වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව දන්වා සිටියි.

මේ අතර, මූලික නායයෑමේ ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු පළමු අදියර යටතේ නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශයත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශයන්ය.

වාරණ නියෝගයක් මත අත්හිටවූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය සජබයට

වාරණ නියෝගයක් මත අත්හිටවූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය සජබයට

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද මෙම පළමු අදියරේ අවදානම් කලාප වෙත ඇතුළත් කර තිබේ.

පවතින වර්ෂාපතනයත් සමඟ කඳුකර හා බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව, පස් කඩාවැටීම් හෝ ගස් කඩාවැටීම් වැනි පූර්ව නායයෑමේ සලකුණු නිරීක්ෂණය වන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට පියවර ගත යුතු බව සබැඳි අංශ සිහිපත් කරයි.