නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැක වියළි කහ තොගයක් නාවික හමුදා භාරයට

Report

මෙම මස 6,7 දෙදින තුල කල්පිටිය, බංගලවත්ත හා සේතවාදී වෙරළ ප්‍රදේශ ආවරණය කරමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 907කට ආසන්න තොගයක් සැකකටයුතු ලෙස උරවල අසුරා සඟවා තිබියදී සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත

ඒ අනුව වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් ආලන්කුඩා අනුඛණ්ඩය මඟින් කල්පිටිය, බංගලවත්ත වෙරළ ප්‍රදේශය ආවරණය අප්‍රේල් 06 වන දින රාත්‍රී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු උර දෙකක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර තිබේ.

  තවද මෙම උර තුළ අසුරා සඟවා තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 80කට ආසන්න තොගයක් නාවික හමුදාව භාරයට ගන්නා ලදී. තවද, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය හා කල්පිටිය පොලීසිය එක්ව කල්පිටිය, සේතවාදී වෙරළ ප්‍රදේශයේ අප්‍රේල් 07 සවස සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු උර දහසයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී.

සජබයේ වෙනසක් පක්ෂය ගත් අලුත් තීරණය මෙන්න

සජබයේ වෙනසක් පක්ෂය ගත් අලුත් තීරණය මෙන්න

එහිදී, එම උර තුළ අසුරා සඟවා තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 827 ආසන්න තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය සහ කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ස්පාඤ්ඤයේ මාරක අනතුරක් 27 දෙනෙකුට තුවාල

ස්පාඤ්ඤයේ මාරක අනතුරක් 27 දෙනෙකුට තුවාල