ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න

Report

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

එම රටවල් වන්නේ Afghanistan, Burma, Chad, Republic of Congo, Equatorial Guinea, Eritrea, Haiti, Iran, Libya, Somalia, Sudan සහ Yemenයයි. තවත් රටවල් 7ක් සඳහා අර්ධ සංචාරක සීමාවන් පැනවීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

එම රටවල් වන්නේ, Burundi, Cuba, Laos, Sierra Leone, Togo, Turkmenistan සහ Venezuelaවයි.

මුඛ ආවරණය අමතකද? – සෞඛ්‍ය අමාත්‍යාංශය අවවාද කරයි!

මුඛ ආවරණය අමතකද? – සෞඛ්‍ය අමාත්‍යාංශය අවවාද කරයි!

සිය X ගිණුමේ වීඩියෝවක් පලකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ "අපට හානියක් වෙනවාට කැමැත්තෙන් සිටින පුද්ගලයින්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ දෙන්නේ නෑ," යනුවෙනි.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ අදාළ ලැයිස්තුව සංශෝධනය විය හැකි බවත් එම ලැයිස්තුවට තවත් රටවල් එකතු විය හැකි බවත්ය.

එම නියෝගයේ සඳහන් වන්නේ මෙම ක්‍රියාමාර්ග 2025 ජුනි 09 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එම දිනයට පෙර නිකුත් කරන ලද වීසා අවලංගු නොකරන බවයි.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළද බහුතර මුස්ලිම් රටවල් හතක සංචාරකයින් සඳහා තහනමක් ප්‍රකාශයට පත් කළ අතර, ට්‍රම්ප්ගෙන් පසු බලයට පත් වූ හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් 2021 දී එම තහනම අවලංගු කළේය.  

අද අකුණු අනතුරු බහුලයි..පළාත් රැසකට අනෝරා වැසි

අද අකුණු අනතුරු බහුලයි..පළාත් රැසකට අනෝරා වැසි