වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි

Report

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කර ඇත්තේ මෙරට සිදුවන රථවාහන අනතුරු මරණ සහ බරපතල තුවාල අවම කිරීමේ අරමුණින්, ආසන පටි පැළඳීමේ නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දඩ පැනවීම අද (27) සිට දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

මෙම නීතියට අනුගත වීම සඳහා රියදුරන්ට ලබා දී තිබූ මාස තුනක සහන කාලය පසුගිය දෙසැම්බර් 24 වැනිදායින් අවසන් වූ බව එම සභාවේ සභාපති මංජුල කුලරත්න තහවුරු කර ඇත.

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

මේ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරු මෙන්ම පසුපස අසුන්වල සිටින මගීන් ද ඇතුළුව සියලු දෙනාම ආසන පටි පැළඳීම අනිවාර්ය වේ. අනෙකුත් සියලුම මාර්ගවල ධාවනය වන වාහනවල රියදුරු සහ ඉදිරිපස අසුනේ ගමන් ගන්නා මගියා අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතුයි.

අද සිට මාර්ගවල රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත්, නීතිය කඩ කරන්නන්ට එරෙහිව දඩ පැනවීමටත් උපදෙස් දී ඇත.

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිණෙයි

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිණෙයි

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පවසන්නේ ආසන පටි පැළඳීම මගින් අනතුරකදී සිදුවිය හැකි මරණ හෝ බරපතල තුවාල ලැබීමේ අවදානම බෙහෙවින් අඩු බවත් මෙය රජයේ පුළුල් මාර්ග ආරක්ෂණ උපායමාර්ගයේ වැදගත් අංගයක් බවයි.

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

ජනවාරි 31 සිට ආරම්භයි - පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ජනවාරි 31 සිට ආරම්භයි - පොලිසියෙන් විශේෂ නිවේදනයක්