සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිණෙයි [VIDEO] [PHOTO]

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ ඇත. ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණී.

ඒ අනුව අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අදාළ දැනුම්දීම සිදුකර තිබූ අතර අදාළ දැනුම්දීමට අනුව ඇය මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පැමිණ ඇත.

සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ CIDයට

සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ CIDයට

ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

නමුත් ඇය සිය නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට තමාට පැමිණීමට නොහැකි අතර ඒ සඳහා සති 02ක කාලයක් ලබාදෙන ලෙසයි.    

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

අද දේශපාලනයේ තීරණාත්මක දිනයක් - ශිරන්ති රාජපක්ෂ අද FCIDයට - නාමල් රාජපක්ෂ CIDයට

අද දේශපාලනයේ තීරණාත්මක දිනයක් - ශිරන්ති රාජපක්ෂ අද FCIDයට - නාමල් රාජපක්ෂ CIDයට

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිණෙයි   | Shiranthi Rajapaksa Appears Before Fcid