ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

Report

සපුගස්කන්ද ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

රාජ්‍ය මාධ්‍ය දිනමිණට අනුව, අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිටි බවට සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රකාශ පොලිස් පරීක්ෂණවලින් පසුව අසත්‍ය බව සොයාගෙන ඇත.

අනතුරෙන් පසු රන්වල මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර දැනට ප්‍රතිකාර ලබමින් සිටින බව රාජ්‍ය මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය. 

අශෝක රන්වලගේ අනතුර ගැන පොලිස් විමර්ශන ඇරඹේ - බීලද කියලත් පරීක්ෂණයක්

අශෝක රන්වලගේ අනතුර ගැන පොලිස් විමර්ශන ඇරඹේ - බීලද කියලත් පරීක්ෂණයක්

මෙම අනතුර බ්‍රහස්පතින්දා (11) සවස සපුගස්කන්ද, දෙනිමුල්ල ප්‍රදේශයේදී සිදු වූ අතර රන්වල මහතා පැදවූ ජීප් රථයක් සහ තවත් මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු විය.

මෝටර් රථයේ ගමන් කළ 25 හැවිරිදි කාන්තාවක්, ඇගේ මාස හයක් පමණ වයසැති බිළිඳා සහ 55 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. ළදරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ළමා රිජ්වේ ආර්යා රෝහලට මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.