ඉන්දියාවෙම බලාපොරොත්තු සුන් වූ දරුණු පරාජය - අගමැති මෝදි එකවරම ඉන්දීය පිළ ගැන කීව කතාව.. සමාජ මාධ්‍යත් කැළඹෙයි?. (PHOTO)

Cricket Narendra Modi India Indian Cricket Team ICC World Cup 2023
By krishani Nov 20, 2023 01:20 PM GMT
krishani

krishani

Report

ඊයේ (19) පස්වරු 02.00ට සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

ඉන්දියාවම හඬවමින්, තියුණු සටනකින් පසු භාරත පුතුන් පරදා කැන්ගරුවන් 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගනී - ඕස්ට්‍රේලියාවම ජය ජයටම සමරයි.. (PHOTOS)

ඉන්දියාවම හඬවමින්, තියුණු සටනකින් පසු භාරත පුතුන් පරදා කැන්ගරුවන් 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගනී - ඕස්ට්‍රේලියාවම ජය ජයටම සමරයි.. (PHOTOS)


එහිදි කණ්ඩායම් දෙක අතර පැවති තියුණු තරගයෙන් පසුව මෙවර 2023 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකර ගන්නේ 6 වන වරටයි.

ඒ අනුව ඊයේ ඉන්දියාවට ලෝක කුසලානය හීනයක් පමණක් විය.

ඊයේ සුවහසක් වූ ඉන්දීය ප්‍රේක්ෂකාගාරය කැළඹී ගියේ මේ අනුශූරතාවයත් එක්කයි.

ඉන්දීය නායක රෝහිත් ශර්මා ඇතුළු පිළ මේ කුසලානය තම රට සන්තකයේ තබන්නට උත්සාහ කළ ද ඔවුන්ට සිදු වූයේ ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීමටයි.

කෙසේ වෙතත්, පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල එක්ස් ගිණුමට එක්කර තිබෙනවා.

ඒ මෙසේයි,

"ආදරණීය කණ්ඩායම වෙත, ලෝක කුසලානය හරහා ඔබේ දක්ෂතා සහ අධිෂ්ඨානය කැපී පෙනුණා.ඔබ මහත් ආත්මයකින් ක්‍රීඩා කර ජාතියට ඉමහත් අභිමානයක් ගෙන දෙන්නට සමත් වුණා.අපි අදත් සැමදාත් ඔබ සමග සිටින්නෙමු.." යනුවෙනී.

එමෙන්ම මෙහිදී,

“විශිෂ්ට ලෝක කුසලාන ජයග්‍රහණයක් සඳහා ඕස්ට්‍රේලියාවට සුබ පැතුම්! ට්‍රැවිස් හෙඩ් අද ඔහුගේ විශිෂ්ට ක්‍රීඩාවට ප්‍රශංසා කරනවා.” යනුවෙන් ද ඔහු ලෝක ශුරතාව හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සුබපැතුම් එක්කරන්නට අමතක කළේ නැහැ.

Gallery
ReeCha