ඉන්දියාවම හඬවමින්, තියුණු සටනකින් පසු භාරත පුතුන් පරදා කැන්ගරුවන් 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගනී - ඕස්ට්‍රේලියාවම ජය ජයටම සමරයි.. (PHOTOS)
Cricket
Australia
India
Australia Cricket Team
ICC World Cup 2023
By krishani
අද (19) පස්වරු 02.00ට සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
බැලුව බැලුව හැම තැනම නිල් පාටින් පිරී යද්දී, මොකක්ද මේ එකපාරටම ඕස්ට්‍රේලියාව ගත්ත තීරණයකට හොඳ කියන්නේ?.
එහිදි කණ්ඩායම් දෙක අතර පැවති තියුණු තරගයෙන් පසුව මෙවර 2023 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකරගන්නේ 6 වන වරටයි.
මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගෙන ඇත.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ ය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ශතකයක් රැස්කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ආවේ ය.