නාකොටික් ලොක්කාගේ මාරුවට හේතු මෙන්න
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථානමාරුවක් ලබාදෙනු ලැබුවේ ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළව වන බවයි.
ඒ අනුව මොහු ස්ථානමාරු කිරීම් සිදුකරන ලෙස පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පොලිස් කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඉන්පසු ඊට අදාළ නියෝගය ඊයේ (15) දිනයේ දී ලැබී ඇති අතර, ඒ අනුව ඔහුව ස්ථානමාරුව සිදුකළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ඔහුට එල්ලවී ඇති චෝදනාවන් නම් තොරතුරුකරුවන් ලබාදීමට තිබූ රු ලක්ෂ 50ක මුදලක් අවභාවිත කිරීම මෙන්ම ඔහුගේ පරිපාලන දුර්වලතාවයන් ද වේ.එවගේම මාස 3ක් පුරාවටම හරි ආකාර මත්ද්‍රව්‍ය වැටලීම් සිදු නොකිරීමත් ඊට ඇතුළත් වේ.
ඒ වගේම් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අවභාවිත කළ රු ලක්ෂ 50ක මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් සංසරණය විය . නමුදු ඒවායෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තව දුරටත් සදහන් කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. සී. පී. හේරත් මහතාය.