88,89 කාලේ සෙල්ලම් දැන් දාන්න ලෑස්ති වෙන්න එපා අපිව නවත්තන්න බෑ - නමල්ගෙන් සැර ප්‍රකාශයක්

Report

ආණ්ඩුවේ මර්දන ක්‍රියාමාර්ග හරහා තම දේශපාලන බලවේගය නවතා දැමිය නොහැකි බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කර තිබෙනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (17) තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින්ය.

එහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, ආණ්ඩුව භාවිත කරන මර්දන ක්‍රම, සිරගෙවල් පෙන්වීම හෝ වෙනත් බලපෑම් මඟින් තම දේශපාලන ගමන නතර කළ නොහැකි බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

“ආණ්ඩුවේ මර්දනයෙන් අපිව නවත්තන්න බැහැ. සිරගෙවල් පෙන්නලාත් අපිව නවත්තන්න බැහැ. කොඩි කණුවක් ගලවලාත් අපිව නවත්තන්න බැහැ”

යනුවෙන් ඔහු දැඩි ලෙස ප්‍රකාශ කළා. ඒ අනුව, අතීතයේ 88–89 යුගයේ සිදුවූ ආකාරයේ මර්දන ක්‍රියාමාර්ග නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ නොකරන ලෙසද, තම දේශපාලන බලවේගය ජනතාව සමඟ එකට සිට ඉදිරියට ගමන් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පරක්කු වුණු රියදුරු බලපත්‍ර නිවසටම - වැඩේ වෙන්නේ මෙහෙමයි

පරක්කු වුණු රියදුරු බලපත්‍ර නිවසටම - වැඩේ වෙන්නේ මෙහෙමයි