මෙහෙම ගිහින් කවදාවත් ආණ්ඩුවට ඩයස්පෝරාවේ උතුරේ හදවත දිනාගන්න වෙන් නෑ - නිදහස දවසේ වෙච්ච ලොකුම වැරැද්දට නාමල් දෙහි කපයි
අද(05) දින පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අදහස් දක්වමින් කියා සිටියේ ජාතිවාදය අවුස්සන්න නෑ යනුවෙන් පවසන ආණ්ඩුව විසින්ම අද වන විට ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බවයි.
නිදහස් දිනයේදී, යුද්ධය නිමා කළ ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් ආඩම්බරයෙන් කතා නොකිරීම ගැන රටේ රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතගේ ක්‍රියාව සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී විවේචන එල්ල කළා.
ඒ අනුව වැඩිදුරටත් ඔහු කියා සිටියේ,
"අපි දැක්කා නිදහස් දවසෙදිත් ජනාධිපතිවරයට රණවිරුවෝ යුද්ධේ අවසන් කරපු එක ගැන ආඩම්බරයෙන් කතා කරන්න බෑ. ලෝකෙ හැම රටක්ම නිදහස් සමරද්දි ඒවා කියනවා. තමන්ගේ යුනිට් එක ලබපු ජයග්‍රහණ පිළිබඳව ආඩම්බරයෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුව හිතනවා නම් එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරපු එක ජාතිවාදයක් කියලා නෑ, ඒක ජාතිවාදය නෙමෙයි. අපි දෙමළ ජනතාවත් එක්ක යුද්ධ කළේ නෑ. ලෝකෙ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමා අපි ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය එකතු වෙලා පරාජය කළේ. අපේ රටේ රාජ්‍ය නායකයට ඒක නිදහස් දිනයේදී ආඩම්බරයෙන් කියන්න කොන්දක් නැත්නම්, පිළිගන්න හයියක් නැත්තම් එතන ප්‍රශ්නයක් තියෙනවා. අද ආගමික නායකයන්ට ගරුත්වයක් දෙන්නෙ නෑ. කැබිනට් එකේ ඇමැතිවරු, ආණ්ඩුව මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ ආගමික නායකයා විවේචනය කරනවා. ඒක වැරදියි. අද ජාතිවාදය අවුස්සන්නයි නෑ කිය කියා මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාම, එකසිය පනස් නවයත් ජාතිවාදය අවුස්සනවා. ඔබතුමාලගේ ආණ්ඩුව විසින් දකුණේ බහුතරය විවේචනය කරන ගමන් ඩයස්පෝරාවේ උතුරේ ජනතාවගේ හදවත දිනාගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වෙන්නෙ නෑ ඒක දැන්වත් තේරුම් ගන්න. නිදහස් දිනයට ණයට ගත්තු තුවක්කු ගෙනියන්නේ නැල්ලු. ණයට ගත යුධ උපකරණ ගෙනියන්න නැල්ලු හැබැයි ණයට අරගෙන කැබ් එකක්දාස් හත්සීයක් පදින්න පුළුවන්. පුදුම ආණ්ඩුවක්"