'අරගලකරුවන්ට' නායකත්වය දෙන්න නාමල් රාජපක්ෂ පෙරට එයි..මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්..

Galle Face Protest Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Aruna Aug 08, 2024 07:50 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ජාතික නායකත්වයට තරුණයෙකු අවශ්‍යව සිටි අරගලය ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමට අවනතව පක්ෂය විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති බවයි.

ජාතියේ තරුණ තරුණියන්ට මග පෙන්වීමට සහ උපකාර කිරීමට තරුණ නායකයෙකු අවශ්‍ය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එවැනි තරුණ නායකයෙකු බවයි, මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

මන්ත්‍රීවරුන් 20ක් මරා දැමූ මළසිරුරු තැන් තැන් වලින් හමුවෙයි..බිහිසුණු සිදුවීම මෙන්න..

මන්ත්‍රීවරුන් 20ක් මරා දැමූ මළසිරුරු තැන් තැන් වලින් හමුවෙයි..බිහිසුණු සිදුවීම මෙන්න..


ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට තරුණයන්ගේ සහයෝගය ලැබෙන බවත් ඔහු ජයග්‍රහණය කරන බවත් තමා විශ්වාස කරන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ, පක්ෂය හැර ගිය ඇතැම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සහය දැක්වීමට නැවත පැමිණෙන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්වන ලෙස ඔවුන්ට ආරාධනා කරන බවයි.

ReeCha