නාමල්ගේ රැස්වීමක් හදිසියේම මාධ්‍යයට තහනම් කරයි...
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 30 දා (ඊයේ) පැවැති කලාවැව ආසනයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයන්ගේ හමුව මාධ්‍යවේදීන්ට තහනම් කිරීමට එහි සංවිධායකයන් කටයුතු කර තිබිණි.
ඊයේ (30 දා) උදේ 10.30 ට තඹුත්තේගම නගරයේ ඇති ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැති අතර ඒ සඳහා කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන්ට හා ක්‍රියාකාරීන්ට ආරාධනා කර තිබිණි.
මෙම රැස්වීම ආවරණය කිරීම සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනකු පැමිණ සිටි අතර ඔවුන් රැස්වීම් ශාලාවට ඇතුළුවීමේදී හිටපු අමාත්‍ය හා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා මාධ්‍යවේදීන්ට පැවසුවේ පක්ෂයේ ක්‍රියාකාරී හමුවක් ආමන්ත්‍රණය කිරීමට නාමල් රාපක්ෂ මහතා පැමිණෙන බවත් එය ආවරණය කිරීමට මාධ්‍යට අවස්ථාව ලබාදිය නොහැකි බවත්ය.
මෙම රැස්වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන තේනුක විදානගමගේ, එස්. එම්. චන්ද්‍රසේන හා හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් යන මහත්වරු ද සහභාගී වි සිටියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
