ඇමති නාමල්ගේ පුදුම හිතෙන වීඩියෝව මෙන්න..සර් අපට කරපු නිසා අපි සර්ට කලා.(VIDEO)

Sri Lanka Sport Namal Rajapakshe Dinesh Priyantha Para Olympic
By Aruna Aug 30, 2021 08:37 AM GMT
Aruna

Aruna

Report

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝක වාර්තාක් සමඟින් ඉතිහාසයේ පළමු පැරා ඔලිම්පික් රන් පදක්කම දිනාදුන් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

හෙල්ල විසිකිරීමේ F46 ඉසව්වේදී මීටර් 67.79 ක් වාර්තා කරමින් පිහිටවු මෙම නව ලෝක වාර්තාව හා ලැබු රන් පදක්කම රටක් ලෙස අප මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලැබු සුවිශේෂීම ජයග්‍රහණය ලෙස හැඳින්විය හැකි බවයි ඒ මහතා කියා සිටියේ.

තවද ශ්‍රී ලාංකිකයින් ලෙස අපි හැමෝටම මෙම ලෝක පරිමාණයේ ජයග්‍රහණය ගැන ආඩම්බර විය හැකියැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මෙලෙස ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් ගෙන දුන් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා දුන් පුදුමහිතෙන වීඩියෝ කෝල් එක මෙන්න.



දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා ජයග්‍රහණය ලබා ගැනීමේ මොහොත.

මෙතනින් නරඹන්න


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha