ගමේ මාමලාගෙන් 5000ක් ඉල්ලන් මළ ගෙදර ගියපු කෙහෙල්කැන් කැබ් එකේ දාන් ඡන්ද කරපු අයගේ වත්කම් එක පාර වැඩිවෙලා _ නාමල් රාජපක්ෂ
පවතින ආණ්ඩුව බලයට පත්වීම මේ වන විට වසරක් ගත වන අතර එහිදී ආණ්ඩුව විසින් කිසිවක් නොකළ බවට විවිධ පාර්ශ්ව චෝදනා කරයි. ඒ අතර පොදු ජන පෙරමුණ නියෝජනය කරන නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේදී ආණ්ඩුව පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කර තිබුණි.
එහිදී ඔහු සඳහන් කළේ ගමේ මනුස්සයාගෙන් කෙහෙල්කැන ඉල්ලගෙන කැබ් එකේ දාගෙන ඡන්දෙ කරපු ,වෙඩින් එකට අත්සන් කරන්න ගිහින් කපල් එකගෙන් සල්ලි ඉල්ලං ආපු,මළ ගෙදර එකපාර යන්න ගමේ මනුස්සයගෙන් රුපියල් පන්දාහක් ඉල්ල ගත් මිනිස්සුන්ගේ වත්කම් එක පාර වැඩිය උන එක පුදුම සහගත බවයි.
ඒවගේ මොවුන් බලයට පත්වීමට පෙර ඔවුන් නිර්ධන පංතිය නියෝජනය කරන සාමාන්‍ය ජනතාව බව ප්‍රකාශ කළ අතර රාජපක්ෂල සහ ඔවුන්ගේ පරම්පරාව ඇතුළු දේශපාලනඥයන් ජනතාව ගසාගෙන කෑ බවට ජනතාව තුළ වෛරයක් ඇති කර බවත් ඔහු මේ අවස්ථාවේදී සඳහන් කළේය.
එමෙන්ම හිතපුවත් නැති මොහොතක මේ ආකාරයෙන් ඔවුන්ගේ වත්කම් වැඩි වී තිබෙන බැවින් ඒ ගැන ප්‍රශ්න කරන විට දරුවන් දෙමව්පියන් ඉදිරියට දාලා ඒ ප්‍රශ්න වහන්න එපා කියලත් නාමල් රාජපක්ෂ තවදුරටත් ප්‍රකාශ කළේය.
ඒ වගේම ඔවුන් බලයට පත්වී වසරක් ගත වූ තැන රට වෙනුවෙන් කිසිවක් නොකළ කයිවාරු ගැසීම සිදුකරන බව වැඩි දුරටත් සඳහන් කළ අතර ආණ්ඩුවම තව මිනිස්සුන්ට එල්ල කළ මඩ ප්‍රහාරවලට අද මුහුණ දී තිබෙන බව ඔහු අවසානයේ සඳහන් කළේය.