ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා දෝෂයක්
අද (21) ප්‍රධාන මාර්ගයේ දුම්රිය සේවා ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හුනුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පවතින සංඥා පද්ධතියේ දෝෂයක් මතුවී ඇති බැවින් මෙම ප්‍රමාදය සිදුවන බවයි.

සෙව්වන්දි එක්ක ලංකාවට ගෙනාපු ගම්පහ බබාගෙන් ආන්දෝලනාත්මක ඝාතන සැලසුමක් එළියට - පද්මේගේ පැටිකිරිත් වමාරයි
ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුනුපිටිය දුම්රිය ස්ථානයේ පවතින සංඥා දෝෂයක් හේතුවෙන් පහළ දෙසට එම දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියයන් අද (21) දිනයේ දී ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකි බවද දැනුම් දී තිබේ.
ඒ හේතුවෙන් දහවල් 12/40 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවන බව වාර්ථා වේ .
