ගංගා ද්‍රෝණිවල ජල මට්ටම ඉහළ යාම ගැන අවධානයෙන් සිටින්න
මහ ඔය සහ දැඳුරු ඔය ද්‍රෝණිවල පහළ ප්‍රදේශ සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම තත්ත්වය තවදුරටත් වලංගු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ සූරියබණ්ඩාර මහතා පැවසුවේ, දැනට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, බද්දේගම ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, බද්දේගමෙන් මිලිමීටර් 172ක වැඩිම වර්ෂාපතනය වාර්තා වූ බව ඔහු සඳහන් කළේය.
කළු ගඟ, කැලණි ගඟ, ගිං ගඟ, අත්තනගලු ඔය සහ කිරිඳි ඔය ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවත්, මෙම ගංගා ද්‍රෝණිවල ජල මට්ටම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් ඇති බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, මෙම ප්‍රදේශවල පහත්බිම්වල ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර, කිරිඳි ඔය සහ ලුණුගම්වෙහෙර ජලාශයට සැලකිය යුතු ජල ප්‍රමාණයක් ලැබී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.