අපි මරලා, ගිනි තියලා බලය ලබාගන්නේ නෑ.. සමහර විට 12 වෙනිදා වෙන්න කලින් මාව ඇතුළට දාන්න බැරිත් නැහැ.. වෙන්න යන විනාසේ ගැන නාමල් කට අරී
එළඹෙන 12 වන දින අනුරාධපුරයේදී පැවැත් වීමට නියමිත ජන රැළියට විශාල ජනකායක් රැස්වන බව තේරුම් ගතහොත්, ඊට පෙර තමන්ව සිරගත කිරීමට ආණ්ඩුව කටයුතු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන බව සඳහන්.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එසේම එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා ඇත්තේ කලහකාරී අන්දමින් දේශපාලන බලය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක තම පක්ෂය නොමැති බවයි.
එක් කෙනෙක්ගේ දුවෙක් එංගලන්තෙට යවලා ගෙයි මාසේ කුලිය විතරක් ලක්ෂ හතරහමාරක්.. යට ඇඳුමක් පවා ගන්න වත්කමක් නෑ කියපු ඇමතිලාගේ පැටිකිරිය රාජිත දිගාරියි
''ප්‍රධාන වශයෙන්ම අපි කලහකාරී, මරලා, ගිනි තියලා, ජීවිත නැති කරලා, ආණ්ඩු බලය ලබාගන්න දේශපාලනයක අපි නැහැ. ඒ ජවිපෙ ක්‍රමවේදය. ජවිපෙ බලයට ආවේ ඒ විදිහට. අසූ අට අසූ නමයෙදිත් එහෙමයි, 2022දිත් එහෙමයි. ඒ දේශපාලනේ අපි නැහැ. ඒ වගේම තමයි අද දැවැන්ත මර්දනයක් යනවා. ඒ වගේ තමයි මේ දැන් කතා කරන නාමල් රාජපක්ෂ ලබන12 වෙනිදට කලින් ඇතුළට දාන්නත් ආණ්ඩුවට බැරිත් නැහැ. මොකද 12 වැනිද අනුරාධපුරේට විශාල ජනකායක් එනවා කියලා ආණ්ඩුවට දැණුනම, ජනාධිපතිත් ගමින් ගමට යනවනි දැන්. වෙනස තේරෙනවනේ. සමහරවිට 12 වෙනිදා වෙන්න කලින් නාමල් රාජපක්ෂ ඇතුළට දාන්න බැරිත් නැහැ.''