පිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන සැප්තැම්බර් 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අද (01) නියෝග කළේය.

අදාළ නඩුව අද මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, බන්ධනාගාරගතව සිටින පිල්ලෙයාන්, මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන සැකකරුවන් මාර්ගගත (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි ප්‍රදේශයේදී TMVP පක්ෂ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතිවු - කරෙයියන්කන්තිවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

රටම බලා සිටින තීන්දුව සති තුනකින් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි - ''22 වැනි සංශෝධනය ගැන අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන්'' බව ඇමති නලීන්ද කියයි

රටම බලා සිටින තීන්දුව සති තුනකින් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි - ''22 වැනි සංශෝධනය ගැන අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන්'' බව ඇමති නලීන්ද කියයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පිල්ලෙයාන්, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 2025 නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් පිල්ලෙයාන්, හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනා සහ ලන්ඩනයේ පදිංචි ‘මොහොමඩ් ෆායිස්’ නමැති පුද්ගලයා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව 2026 ජූනි 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

එතැන් සිට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බැලූ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, පිල්ලෙයාන්, මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන සැකකරුවන් තිදෙනා සැප්තැම්බර් 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මේ අතර, ලන්ඩනයේ සැඟව සිටින බව කියන ‘මොහොමඩ් ෆායිස්’ නමැත්තාට එරෙහිව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවද යළි නිකුත් කරමින් නඩුව කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ.

මුළු ලංකාවම බලා සිටින 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹේ

මුළු ලංකාවම බලා සිටින 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹේ