පැය හතරක් ප්‍රකාශ දුන් හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග උණුසුම මැද CCIBයෙන් පිටව යයි
පැය හතරක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා මධ්‍යම අපරාධ කොට්ඨාශයෙන් පිටව ගොස් ඇත.
ඒ අනුව විදේශයක සිට ඉකුත් දා මෙරටට රැගෙන පැමිණි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වශයෙන් සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා සමඟ පැවැත් වූ සම්බන්ධතා පිළිබඳව සොයා බැලීම සඳහා ඔහුව මෙසේ අද (01) දින නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබුණා.