කරවනැල්ලම කම්පා කරමින් අලුත උපන් කිරිකැටියව වැසිකිළියේ ජල බේසමක් තුළ දාලා යන්න හදලා - සිද්ධිය දුටු ජනතාව කාන්තාව අල්ලා ගනියි
කරවනැල්ල පොදු බස් නැවතුම්පොළේ කාන්තා වැසිකිළිය තුළ අලුත උපන් දරුවෙකු අතහැර යාමට උත්සාහ කළ බව කියන 30 හැවිරිදි කාන්තාවක් අද (01) දින දහවල් ජනතාව විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ කාන්තාව විසින් අද දිනයේම උපත ලැබූ බවට සැලකෙන අලුත උපන් දරුවා වැසිකිළියේ තිබූ ජල බේසමක් තුළ තබා අතහැර යාමට උත්සාහ කර ඇති බවට තොරතුරු සඳහන්.
එම සිද්ධිය දුටු ජනතාව විසින් කාන්තාව අල්ලාගෙන තිබෙන අතර, පසුව ඇය සහ දරුවා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පවසයි.
මේ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?