උතුරු නේපාලයේ ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකා රජයෙන් ආධාර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Report

උතුරු නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ සිදුවූ දරුණු නායයෑම් ව්‍යසනයෙන් පසු මානුෂීය ආධාර ලෙස නේපාල රජයට ඇමරිකානු ඩොලර් මිලියනයක් ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අගෝස්තු 26 වැනිදා සිදුවූ මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් රැසකට ජීවිත අහිමිව ඇති අතර, තවත් පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ. එමෙන්ම නිවාස, දේපළ සහ යටිතල පහසුකම්වලටද විශාල හානියක් සිදුව තිබේ.

මේ අතර, තවදුරටත් ගංවතුර තත්ත්වයන් ඇතිවීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුවීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති පසුබිමක, නේපාල බලධාරීන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටී.

සුළු මොහොතකට පෙර හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම් නියම කෙරේ

සුළු මොහොතකට පෙර හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම් නියම කෙරේ

ශ්‍රී ලංකා රජය මෙම මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම දෙරට අතර පවතින ගැඹුරු සංස්කෘතික හා ආගමික සබඳතාද සැලකිල්ලට ගනිමිනි.

එමෙන්ම ව්‍යසනය හේතුවෙන් නේපාල ජනතාව මුහුණ දී ඇති දැඩි මානුෂීය හා ආර්ථික බලපෑම පිළිබඳවද ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබේ.