උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවට සතුටු ආරංචියක් - බිම්වෙඩි ඉවත් කිරීම සම්බන්ධයෙන් දුන් අනුමැතිය
උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින බිම්වෙඩි ඉවත් කර, ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රියාත්මක මානුෂීය බිම්වෙඩි ඉවත් කිරීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ආරම්භ කෙරුණු මෙම වැඩසටහන යටතේ, ගැටුම් පැවති ප්‍රදේශවල බිම්වෙඩි ඉවත් කර ජනතාව නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම ප්‍රධාන අරමුණ විය.
එබැවින් 2026 ජනවාරි 01 වනවිට තවත් වර්ග කිලෝමීටර් 21.3ක පමණ ප්‍රදේශයකින් බිම්වෙඩි ඉවත් කිරීමට ඉතිරිව ඇති බව වාර්තා වේ.
එසේම ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂීය බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකය සමඟ එක්ව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වන Mines Advisory Group සහ The HALO Trust මෙන්ම දේශීය සංවිධාන වන Delvon Assistance for Social Harmony සහ Skavita Humanitarian Assistance and Relief Project ද මෙම කටයුතුවල නිරතව සිටින බව සඳහන්.
ඒ අනුව 2026 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ අදාළ ආයතන හතර සමඟ අවබෝධතා ගිවිසුම් හතරක් අත්සන් කිරීමට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.