හෙට පරිස්සමෙන් - දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ඉහළ යන ලකුණු
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ උපදේශනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, හෙට (02) දිවා කාලයේදී එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන තාප දර්ශකය ‘අවවාදයයි’ මට්ටම දක්වා ඉහළ යා හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.
සාපේක්ෂ ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්වය පදනම් කර ගනිමින් තාප දර්ශකය ගණනය කරන අතර, එම අගය මඟින් පරිසරයේ උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන ආකාරය පෙන්නුම් කරයි.
දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ අධික එළිමහන් ක්‍රියාකාරකම් හේතුවෙන් ශරීරයට තෙහෙට්ටුව ඇතිවිය හැකි අතර, අඛණ්ඩව එවැනි ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් තාප කැක්කුම් ඇතිවීමේ අවදානමක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කර සජලීව සිටින ලෙසත්, හැකිතාක් එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා තිබේ.