ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

Report

අද දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් තවමත් මෙරට ඉන්ධන  QR ක්‍රමවේදය ක්‍රියාත්මක වේද සහ ඒ සම්බන්ධයෙන් ඇති රජයේ ස්ථාවරත්වය පිළිබඳව විමසා සිටියා.

ඒ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල QR කේතය බැලුවද ඇතැම් ස්ථානවල එය පරික්ෂා නිකර බව පවසමින්.

සජබ පා. මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ නිවස පිටුපස ඇළේ අත්බෝම්බයක් - නිෂ්ක්‍රීය කිරීමට බෝම්බ නිෂ්ක්‍රීය අංශයත් එයි

සජබ පා. මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ නිවස පිටුපස ඇළේ අත්බෝම්බයක් - නිෂ්ක්‍රීය කිරීමට බෝම්බ නිෂ්ක්‍රීය අංශයත් එයි

එයට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ,

" හදිසි තත්ත්වයක්, අති විශේෂ තත්ත්වයක් හැරුණු කොට මේ ලබාදෙන ප්‍රමාණය ප්‍රමාණවත් වෙලා තියෙනවා මේ මාස 6 ඇතුළත. අනිත් එක මට මතකයි තෙල් මිල මීට වඩා වැඩිවුණ වෙලාවෙදිත් QR කෝඩ් එක ක්‍රියාත්මක වෙමින් තිබියදීත් අපේ තෙල් පරිභෝජනය 50%න් අඩු වෙලා තිබුණේ නෑ. පෙට්‍රල් අඩු වෙලා තිබ්බේ 9% පරිභෝජනය. ඩීසල් පරිභෝජනය අඩු වෙලා තිබුණේ 18%යි. ඒ නිසා ජනතාව තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සපුරා ගත්තා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අපි මේකේ යම් පාලනයක් තවමත් පවත්වාගත යුතු වන්නේ අපේ රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය යම්කිසි ආකාරයකට සීමා කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතිනවා. එහෙම නැත්නම් ඩොලර් මිල පන්සීය පනහා හයසීය දක්වා මේක ගමන් කරන්න පටන් ගත්තොත් මේක ආර්ථිකයට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒක පාලනය කර ගන්න ඕන.. නීතිය QR එක ක්‍රියාත්මක වෙනවා තවමත්. කොහෙ හරි එහෙම වෙන්නැත්නම් ඒකට තෙල් සංස්ථාව කටයුතු කරනවා. පොදුවේ ගත්තොත් එහෙම කලින් වතාවෙ QR එකට වඩා මේ අවස්ථාවේ QR බලනවා. එහෙම බලනවා කියලා අපි දැකලා තියෙනවා ඕනේ තරම්."

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න