උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න
උසස් පෙළ සිසුන් සඳහා වන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) සඳහා අයදුම් කළ සැලකිය යුතු සිසුන් සංඛ්‍යාවක් විභාගයට පෙනී නොසිටි බව වාර්තා වේ.
මේ හේතුවෙන් කෝටි 9 කට අධික මුදලක් නාස්ති වී ඇති බව 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් වාර්තාවේ අනාවරණය වී තිබේ.
මෙම විභාගය තුන් වතාවක් පවත්වා ඇති අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 36% ක් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විහාගය සඳහා අයදුම් නොකළ බව අනාවරණය වී තිබේ.
ඉන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා අයදුම් කළ සිසුන්ගෙන් 42%ක් විභාගයට පෙනී නොසිටි බව අනාවරණය වී තිබේ.
මෙම විභාගය පැවැත්වීම සඳහා රුපියල් මිලියන ගණනක් වියදම් කළද අපේක්ෂිත ඉලක්ක සපුරා නොමැති බව ද අනාවරණය වී තිබේ.
විභාගය පැවැත්වූ අවස්ථා තුනේදීම ඇගයීම් පිරිවැයට අමතරව අයදුම් නොකළ සිසුන්ට රුපියල් කෝටි ගණනක් නාස්ති වී ඇති බව ද අනාවරණය වී තිබේ.