IPL හොල්ලපු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය ගැන තවම තීරණයක් නැහැ

Report

IPL 2027 තරගාවලියට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය සහ ක්‍රීඩක හුවමාරු සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව, හාර්දික් පාණ්ඩ්‍යා තවදුරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ රැඳී සිටීමට ඉඩ ඇති අතර, ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් නම් වෙනසක් සිදු කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Times of India වාර්තාවකට අනුව, හාර්දික් පාණ්ඩ්‍යා වෙනත් කණ්ඩායමකට හුවමාරු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකි වී නොමැත. ඒ අනුව, හාර්දික් පාණ්ඩ්‍යා IPL 2027 තරගාවලිය සඳහා මුම්බායි කණ්ඩායමේ රැඳී සිටීමේ හැකියාව බැහැර කළ නොහැකි බව වාර්තා වේ.එහෙත් ඔහු නායකත්වය දරනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

15 හැවිරිදි වෛභව් සූර්යවංශි දුලීප් කුසලාන ඉතිහාසය අලුත් කරයි - වසර 57ක් පැරණි වාර්තාවක් බිඳ හෙලයි

15 හැවිරිදි වෛභව් සූර්යවංශි දුලීප් කුසලාන ඉතිහාසය අලුත් කරයි - වසර 57ක් පැරණි වාර්තාවක් බිඳ හෙලයි

නව නායකයා කවුරුන්ද?

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL ශූරතා පහක් දිනාගත් රෝහිත් ශර්මා යළි නායකත්වයට පැමිණීමට උනන්දුවක් නොදක්වන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, නව නායකයා තෝරාගැනීම සම්බන්ධ සාකච්ඡාවලදී රෝහිත් ශර්මා සක්‍රීයව සම්බන්ධ වී සිටින බව සඳහන් වේ. ටිලක් වර්මා සහ ජස්ප්‍රිට් බුම්රා නව නායකත්වය සඳහා ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සැලකෙන අතර, වර්තමාන තත්ත්වය අනුව ටිලක් වර්මා ඉදිරියෙන් සිටින බව වාර්තාවේ දැක්වේ.

හාර්දික්ගේ හුවමාරු සාකච්ඡා

හාර්දික් පාණ්ඩ්‍යා සම්බන්ධයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් සමඟද සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. එහිදී ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ද හුවමාරු ගනුදෙනුවේ කොටසක් ලෙස යෝජනා කර තිබූ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඉදිරි වසරේ ග්‍රීන්ගේ ක්‍රීඩා වැඩබර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතා හේතුවෙන් එම යෝජනාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඒත්තු ගැන්වීමට සමත් වී නොමැත.

චෙන්නායි සුපර් කිංග්ස් සමඟද හාර්දික් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇති අතර, එම කණ්ඩායම නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කර ගැනීමෙන් අනතුරුව එම සාකච්ඡා සිදුවනු ඇතැයි වාර්තා වේ.

මේ අතර, හාර්දික් පාණ්ඩ්‍යා හුවමාරු නොවී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේම රැඳී සිටියහොත් එය පුදුමයට කරුණක් නොවන බවද වාර්තාවේ සඳහන් වේ.

සූර්යකුමාර් යාදව් ගැනත් තීරණයක්

2026 IPL තරගාවලියේදී අපේක්ෂිත දක්ෂතා දැක්වීමට නොහැකි වුවද, සූර්යකුමාර් යාදව් IPL 2027 සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් රඳවා ගැනීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

එක් අයහපත් තරග වාරයක් මත පදනම්ව සූර්යකුමාර් වැනි ක්‍රීඩකයෙකු ඉවත් නොකරන බව කණ්ඩායමට සමීප ආරංචි මාර්ග සඳහන් කර ඇත. මේ අතර, මහේල ජයවර්ධන තවත් වසරක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බවද වාර්තා වේ.

IPL 2027 තරගාවලියෙන් පසුව පැවැත්වීමට නියමිත මහා ක්‍රීඩක වෙන්දේසියට පෙර අවසන් තරග වාරය මෙය වීම හේතුවෙන්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විශාල පරිමාණයේ වෙනස්කම් සිදු නොකිරීමටද අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.

විරාට් කෝලිගේ වම් අතේ අලුතින් කළ පච්චය ගැන රසිකයන් අතර කතාබහක්

විරාට් කෝලිගේ වම් අතේ අලුතින් කළ පච්චය ගැන රසිකයන් අතර කතාබහක්