මේ පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ - අධිකරණ ඇමතිගෙන් සැර ප්‍රකාශයක්

Report

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නිතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින්, "මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ. පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා." යනුවෙන් සඳහන් කර ඇත.

ඔහු මෙම අදහස් පළ කළේ බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් හදිසි ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මහර බන්ධනාගාරය පරිශ්‍රයේ අද (01) දින පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීයි.

එසේම බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීම මෙම ඒකාබද්ධ යාන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

ඉකුත් දා මහර බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් රැඳවියන් විසින් ගිනි තබා විනාශ කරන ලද ප්‍රධාන ජේලර් කාර්යාලය, පුනරුත්ථාපන අංශය, ගෙතුම් අංශය, විවින් අංශය ඇතුළු ස්ථාන නිරීක්ෂණය කිරීමට ද මෙහිදී අමාත්‍යවරයා එක් විය.

එසේම බන්ධනාගාර කටයුතු නිරීක්ෂණ කරමින් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන් හමු වු අමාත්‍යතුමා සඳහන් කළේ, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය වළක්වා වාර්තා කඩිනම් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඒ වෙනුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය බදවා ගැනීම් හා පහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙන බවයි.

එසේම ඉකුත් මාසය තුළ මහර බන්ධනාගාරයට අඳාළ රස පරීක්ෂක වාර්තා පන්සීයක් නිකුත් කර ඇත.

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

"බන්ධනාගාරයෙන් නිදහස් වී ගොස් නැවත මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ක්‍රියාවන් සිදු කරන්න එපා. සමාජයට යහපත් පුද්ගලයෙක් වන්න උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිනවා. මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට නම් කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ. ඔබ අපේ රටේ ශ්‍රම හමුදාවයි. මේ රටේ ඉදිරි ගමනට ශක්තිය ලබාදීම ඔබේ වගකීමක් ලෙස කල්පනා කළ යුතුයි" යනුවෙන්ද එහිදී හර්ෂණ නානායක්කාර මහතා පැවසුවා.

මෙම ඒකාබද්ධ යාන්ත්‍රණ පිහිටුවීමේ සාකච්ඡාවට මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති, නියෝජ්‍ය පොලිස්පති කාවිංග ජයසිංහ, ආරක්ෂ කලාප II භාර ස්ථාන භාර නිලධාරී කමාණ්ඩර් ජී. ඒ. පී. එස්. කේ. රණසිංහ, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ආසිරි වීරසේකර, මහර ප්‍රාදේශිය ලේකම් ලලිත් බණ්ඩාර යන මහත්වරුන් ගුවන් හමුදාව, නාවික හමුදාව, විදුලි බල මණ්ඩලය, ගිනි නීවිමේ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් රැසක් සහභාගී විය. 

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

GalleryGalleryGalleryGallery