හෙළ සංගීත අඹරේ පහන -විශාරද නන්දා මාලිනියන්ගේ ආගමික වතාවත් කෙරේ
By Kanchana
අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වෙනුවෙන් ආගමික වතාවත් අද (22) පෙරවරුවේ සිදු කරන ලදි .
ඒ අනුව උදෑසන 10.00 ට පමණ නාවල, විජයබාහු මාවතේ පිහිටි ඇයගේ සංගීත ආශ්‍රමයේදී මහා සංඝරත්නය විසින් පාංශුකූල කටයුතු සිදු කර තිබේ .
ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 3.30 දක්වා දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා අවස්ථාව හිමිව ඇත.
ඉන්පසුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමට නියමිතව තිබේ
අවසන් කටයුතු ප.ව. 5ට සිදුකිරීමට කටයුතු යොදා තිබේ .
සජීවී දර්ශන උපුටා ගන්නා ලදි .