පාසල් දරුවන් අතරත් කුඩු? නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක සැකයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ මෙරටින් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීමට පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ ගුරු සංගමයට සම්බන්ධ විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිඳ වන මාලිමා මන්ත්‍රී වරිය නිසා පාසල් දරුවන් අතර කුඩු බෙදා හැරීම සිදු වූයේ දැයි සැකයක් මතුවන බවයි.
මෙවර අත්අඩංගුවට ගත් සැකකරුද රඳවා ගැනීමේ නියෝග ලබාගෙන පසුපස සිටින දේශපාලඥයන් සොයාගත යුතු බව පැවසූ මන්ත්‍රීවරයා පසුගිය කාලයේදී මෙරටින් මත්ද්‍රව්‍ය හමුවන සෑම අවස්ථාවකම රාජපක්ෂලාට චෝදනා කළ ආණ්ඩුව මෙවර මත්ද්‍රව්‍ය සඳහා චෝදනා කරන්නේ කාටදැයි විමසුවේය.
පාර්ලිමේන්තුවේ සිටින 159 දෙනාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් කුඩු විකුණුවීම නවතා අයවැය යෝජනා ක්‍රියාත්මක නොකළහොත් නැවතත් සියයට තුනට වැටීම නතර කළ නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.