මාලිමා මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා හෙරොයින් එක්ක පොලිස් දැලේ

Report

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මින් පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද ‍තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වල දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය සොයාගෙන තිබේ.

පාසල් සිසුන්ට දුරකථන තහනමක් ? අමාත්‍යාංශය නිවේදනය මෙන්න

පාසල් සිසුන්ට දුරකථන තහනමක් ? අමාත්‍යාංශය නිවේදනය මෙන්න

පොලිසිය වැඩිදුරටත් වාර්තා කරේ අදාළ විදුහල්පතිවරයා විසින් ඒ අසල පිහිටි වැවකට දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති බවයි.

අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගය පක්ෂයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන බව ද පොලිසිය පවසයි.මීට අමතරව එම විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ගැන නිවේදනයක් මෙහෙමයි ගන්න වෙන්නේ

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ගැන නිවේදනයක් මෙහෙමයි ගන්න වෙන්නේ

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.