බඩුත් එක්කම අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රීනියගේ සැමියා අධිකරණයට
හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා අද (06) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට එප්පාවල කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට තොරතුරක් ලැබි ඇත. ඒ හෙරොයින් ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙකුගෙන් හෙළි කරගත් තොරතුරු මතයි.
ඒ අනුව ක්‍රියාත්මකව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එම විදුහල්පතිවරයාට අයත් එප්පාවල ප්‍රදේශයේ පිහිටි එම හෝටලය වටලා තිබුණා.
එම අවස්ථාවේදී අදාළ හෝටලයේ තිබී හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 20ක් සොයා ගැනීමට අඳාළ නිලධාරීන් සමත්ව ඇත.
පොලිසිය සඳහන් කළ ආකාරයට එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්නයි. එබැවින් අදාළ විදුහල්පතිවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
එසේම පොලීසිය සඳහන් කළේ මෙම සැකකරු කලක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
මේ අතර අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන දිස්නා නිරංජලා කුමාරි නමැති මන්ත්‍රීවරිය බවටද පසුව හෙළි වුණා. පසුව ඇගේ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසද ඊයේ පොලිසියෙන් පරීක්ෂාවට ලක්කළා.
මේ අතර මෙම විදුහල්පතිවරයාගේ පුත්‍රයෙක් ද ඉකුත්දා හෙරොයින් ග්‍රෑම් 20ක් සමග අත්අඩංගුවට ගෙන තිබී පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.