පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා වන අභියාචනා භාරගැනීම අද (07) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ අද (07) සිට මෙම මස 21 වන දින දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් මෙම අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි.
ඒ අනුව, අදාළ විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා විසින්, පාසල වෙත ලබා දී ඇති පරිශීලක නාමය (Username) සහ මුරපදය (Password) භාවිත කර onlineexams.gov.lk වෙබ් අඩවියේ ඇති 'SCHOOL LOGIN' වෙත පිවිස මෙම අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය.