වැඩමුළුවක් අස්සේ කෙල්ලෝ ගොඩකගේ ප්‍රශ්න වැලක පැටලුණු නාමල් - දැන් ඉතින් දීපල්ලකෝ උත්තර [PHOTOS]
ඉකුත් සෙනසුරාදා දින නායකත්ව පුහුණු වැඩමුළුවක් නෙළුම් මාවත කාර්යාලයේදී පවත්වා ඇත.
ඒ සඳහා තරුණ ගැහැණු ළමයි කණ්ඩායමක් සහභාගී වී සිටි බව සඳහන්. මෙහිදී ආරම්භක දේශනය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් සිදු කර තිබෙනවා.
ඔහුගේ ඉල්ලීම වුණේ,
"ඔයාල වගේ සුන්දර තරුණ ළමයි අපේ පක්ෂෙ එක්ක මේ තරම් ළගින් වැඩකරන එක ගැන ඇත්තටම අපිට ආඩම්බරයි.මම කැමති ඔයාලව හදුනගන්න" යනුවෙන්.
ඒ අනුව ඊට පිළිතුරු ලෙස පැමිණි සිටි පිරිස තම තමන්ව හදුන්වා දුන් අතර එහි දේශීය සහ විදේශීය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන පිරිස, උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂිකාවෙන් සිටින පිරිස, පුද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ සේවය කරන පිරිස මෙන්ම දේශපාලනය කරන සහ අලුතින් දේශපාලනයට පැමිණීමට කැමත්තෙන් සිටින අයත් සිටි බව සඳහන්.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින්,"මම කතාවක් කරන්නෙ නෑ.මම කැමතියි ඔයාලගෙ අදහස් දැනගන්න." යනුවෙන් පැවසීමත් සමඟ පැමිණි සිටි පිරිස ප්‍රශ්න වැලක්ම යොමු කර සිටි බව තමයි ආරංචි වුණේ.
ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක් නැඟූ ප්‍රශ්නෙකට ඔහු පිළිතුරු දුන්නේ,
"රටේ ආර්ථිකය වේගයෙන් ඉස්සහරට ගෙනියන්න නම් මුලින්ම කරන්න තියෙන්නෙ ආයෝජකයින් සහ ව්‍යවසාකයින් අධෛර්යමත් කරන අනවශ්‍ය රෙගියුලේෂන්ස් වෙනස් කරන එක." යනුවෙන්.
මේ අතර ඊළග දේශනය ආරම්භ කරමින් සංජීව එදිරිමාන්න විසින් පැමිණි පිරිසගෙන් ප්‍රශ්නයක් විමසුවේ ඊට පහත ලෙස පිළිතුරුද සපයමින්.
"ඔයාල කවදහරි හිතල තියෙනවද සිංහයා කොහොමද කැලේ නායකය වුණේ කියල? "කැලේ ලොකුම සතා අලිය වෙද්දි, රයිනෝ සිංහයාට වඩා ශක්තිමත් වෙද්දි, කැලේ උසම සතා ජිරාෆ් වෙද්දි,.....සිංහයා ඒ හැමෝගෙම නායකයා වුණේ කිසිම අභියෝගයකට සිංහයා බය නැති නිසා. කාව දැක්කත් මට එයාව පරාද කරන්න පුලුවන් කියල සිංහයා විශ්වාස කරන නිසා."
කෙසේ වෙතත් සංජීව එදිරිමාන්න ඒ කතාව ඉවර කරලා නම් තිබ්බේ පාර්මේන්තුවෙ ආසන තුනක් විතරක් තියාගෙන අභියෝග වැලක් මැද්දෙ වැඩකරන නාමල්ගෙ දේශපාලනය සිංහයෙකුට සමාන කරමින් කියලා තමයි කතාව යන්නේ.

