මහින්ද එක්ක ඒ ඉන්නේ මම නෙමෙයි - කොට්ටහච්චි කට අරි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් සමාජ මාධ්‍යවල සංසරණය වන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බව පවසා ඇත.
සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
රනිල් මරණාසන්නව ඉන්නවා කියලනේ කිව්වේ? එහෙනම් කොහොමද සෙල්ෆි ගැහුවේ? පහුවදාම දැඩි සත්කාරෙන් ගෙදර ගියේ? පොත් කියෙව්වේ?
ඇයගේ මුහුණු පොතේ සටහනක් එක්කරමින් ඇය මේ බව පවසා ඇත. මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් එම විවාහ මංගල්‍යයට තමන් සහභාගී නොවූ බවත්, එම උත්සවයට තමන්ට ආරාධනා කර නොතිබුණු බවයි.
එම ඡායාරූපය සංස්කරණය ලද එකක් නම්, නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසා ඇත.