ත්රිකුණාමලයේ සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්රදේශ සඳහා විශේෂ නිවේදනයක්
ත්රිකුණාමලයේ සිට කන්කසන්තුරය, කල්පිටිය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු තීරයට රළු මුහුදු ප්රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (20) පස්වරු 4.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (21) පූර්වාහ්න 1.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එම අවස්ථාවලදී තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70 දක්වා තද සුළං හමා යාමට ඉඩ ඇති බැවින් මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය.
එබැවින් එම මුහුදු කලාපවල නිරත වන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.