ක්රිකට් ක්රීඩකයන් තෝරන්නේ බස්නාහිරින් සහ දකුණින් විතරද? - ක්රීඩා ඇමතිගෙන් පිළිතුරක් [VIDEO]
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ක්රීඩකයන් තෝරා ගැනීමේදී උතුරු පළාතේ ක්රීඩකයන්ට ප්රමාණවත් අවස්ථා හිමි නොවන්නේද යන්න පිළිබඳව අද (20) පාර්ලිමේන්තුවේදී සුජීව දිසානායක මන්ත්රවරයා ප්රශ්නයක් මතු කළහ.
උතුරු පළාත නියෝජනය කරමින් දක්ෂතා දක්වන විජයකාන්ත් වියස්කාන්ත් එවාගේම මිලාන් රත්නායක යන ක්රීඩකයන්ට අවස්ථා ලැබීම අඩු බව සඳහන් කළ මන්ත්රීවරයා ඒ පිළිබඳව ප්රශ්න කළේය.
එමෙන්ම, මේ වනවිට පාකිස්ථානයට ගොස් සිටින ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම තුළ බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්ර කරගත් ක්රීඩකයන් වැඩි වශයෙන් සිටින බව ද මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
එවැනි තත්ත්වයක් තුළ උතුරු පළාතේ ක්රීඩකයන්ට අඩු සැලකිල්ලක් දක්වන්නේද යන්න පිළිබඳව ද ඔහු විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් ගරු සුනිල් කුමාර ගමගේ ක්රීඩා අමාත්යවරයා සඳහන් කළේ,
"ගරු මන්ත්රීතුමනි, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ක්රීඩකයන් තෝරන්න වෙනම ක්රිකට් තේරීම් කමිටුවක් ඉන්නවා . ඒ තේරීම් කමිටුවෙන් තමයි ක්රීඩකයන් තෝරන්නේ. එතකොට ඒ අය විවිධ පදනම් සැලකිල්ලට අරගෙන තමයි ක්රීඩකයන් තෝරන්නේ. ඒ තේරීමේදී මම හිතන්නේ ජාතිකත්ව පදනම හෝ ප්රාදේශීය පදනම තේරීම් කමිටුව පාවිච්චි කරන්නේ නැහැ. එයාලා පාවිච්චි කරන්නේ ක්රීඩකයන්ගේ දක්ෂතාවය. ඉතින් මන්ත්රීතුමා කියන ක්රීඩකයා ගැන අපිට තේරීම් කමිටුවට කියන්න පුළුවන් සලකා බලන්න කියලා.''