ෆේස්බුක් පණිවිඩයක් සමඟ අතුරුදන් වූ මාධ්‍යවේදිනියගේ අභිරහස් මරණය. - සිරුර හමු වූ තැන මෙන්න. (VIDEO/PHOTOS)

Bangladesh World Media
By Wayomi Aug 28, 2024 11:14 AM GMT
Wayomi

Wayomi

Report

බංග්ලාදේශයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියක්වන සාරා රහනුමා (32) ඩකාහි වැවක මියගොස් සිටියදී අද (28) සොයා ගෙන තිබෙනවා.

ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලේ (DMCH) පොලිස් මුරපොල භාර පොලිස් පරීක්ෂකවරයා ඇයගේ සිරුර ගොඩගත් බව පවසා ඇති අතර මෘත ශරීරය සම්බන්ධයෙන් වෛද්‍යවරයා පවසා ඇත්තේ, ඇය අලුයම 2.00ට පමණ මියගොස් ඇති බවයි.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.


මිය යාමට පෙර ඇය ඊයේ රාත්‍රියේ ෆේස්බුක්හි පණිවිඩයක් පළ කර තිබුණා.

"ඔබ වැනි මිතුරෙකු සිටීම සතුටක්. ඔබට සැමවිටම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා. ඔබ ඔබේ සියලු සිහින ඉක්මනින් ඉටු කර ගනියි කියා බලාපොරොත්තු වෙනවා. මම දන්නවා අපි එකට ගොඩක් සැලසුම් කළා. සමාවෙන්න, මට අපේ සැලසුම් ඉටු කරන්න බැහැ. ඔබේ ජීවිතයේ සෑම අංශයකටම දෙවියන් ඔබට ආශීර්වාද කරයි."

ඇය මීට පෙර සඳහන් කර ඇත්තේ, "මරණයට සමාන ජීවිතයක් ගත කරනවාට වඩා මියයාම හොඳයි." යනුවෙන්.

මේ සම්බන්ධයෙන් ඇගේ සැමියා පවසා ඇත්තේ, සිද්ධිය වූ දින සාරා රැකියාවට ගිය නමුත් එදින රාත්‍රියේ ආපසු නිවසට නොපැමිණි බවත්,සාරා ඔහුගෙන් වෙන්වීමට කලක සිට කැමැත්ත පළ කළ බවත්ය.

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)


ඔවුන්ගේ දික්කසාදය අවසන් කිරීම සඳහා සැලසුම් කර තිබුණද, රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් ඔවුන්ට එය කිරීමට නොහැකි වූ බව ඇයගේ සැමියා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, අගමැතිනි ෂීක් හසීනාගේ පුත් සජීබ් වසේඩ් ඇයගේ මරණයට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, මෙය එරට ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ “තවත් ම්ලේච්ඡ ප්‍රහාරයක්” බවයි.

ඔන්න ශ්‍රී ලාංකිකයන්ටත් ජාත්‍යන්තර බැංකු ගිණුම්. - එය ලබාගන්න විදිහ ගැන දැනුම්දීමක්.

ඔන්න ශ්‍රී ලාංකිකයන්ටත් ජාත්‍යන්තර බැංකු ගිණුම්. - එය ලබාගන්න විදිහ ගැන දැනුම්දීමක්.



GalleryGallery