මගේ පියා ආයෙත් පටන් ගත් තැනටම ආවා තනතුරු නෙවේ ජනතාවගේ ආදරෙයි වැදගත්, නාමල්ගෙන් සටහනක්

Report

ඊයේ (10) දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ "ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත" (2025 අංක 18) අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි වී සිටි කොළඹ විජේරාම මාවතේ නිල නිවසින් අද (11) දින පිටත්ව ගොස් තිබුණා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ විසින් අද දින ඒ සම්බන්ධව එක්ස් සටහනක් තබා තිබුණේ," මගේ පියා මහින්ද රාජපක්ෂ සියල්ල ආරම්භ වූ කාල්ටන් නිවසට නැවත පැමිණියා " යනුවෙන්.

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

එසේම ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

"අද, මගේ පියා කොළඹ පිහිටි නිල නිවසින් පිටව ගොස් සියල්ල ආරම්භ වූ ස්ථානය වන තංගල්ලට නැවත පැමිණියේය. සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු වරප්‍රසාදවලින් හෝ මුදල්වලින් නොව ජනතාවගේ ආදරයෙන් බව මතක් කරන්නට කැමතියි" යනුවෙන්.

මේ වන විට "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධාන අනුව, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස රජයට භාරදීමට සිදුව ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් රජයේ නිල නිවාස භාවිත කරමින් සිටි අතර ඔවුන්ට ඊයේ (10) සම්මත වූ මෙම පනත යටතේ එම වරප්‍රසාදය අහිමි විය.  

පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

විජේරාමෙන් යන්න කිව්වට මොකද මහින්දට කොළඹ 7න් ගෙවල් හතරක්, ඇවිත් එකක් තෝරලා දෙන්න කියලා යාපාටත් ආරාධනා

විජේරාමෙන් යන්න කිව්වට මොකද මහින්දට කොළඹ 7න් ගෙවල් හතරක්, ඇවිත් එකක් තෝරලා දෙන්න කියලා යාපාටත් ආරාධනා