මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ගැන හෙළිදරව්වක්

By Gagana News Mar 04, 2025 11:28 AM GMT
Report

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කළේය.

මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ අන්තවාදී කණ්ඩායම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මෙහෙයුමක යෙදී සිටින බවයි.

සංජීව එලොව යැවූ කමාන්ඩෝ සමිඳුගේ තවත් කෙරුම් හෙළිවෙයි

සංජීව එලොව යැවූ කමාන්ඩෝ සමිඳුගේ තවත් කෙරුම් හෙළිවෙයි

මෙම සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී යම් යම් තොරතුරු ලබා දුන් බව අමාත්‍යවරයා පැවසීය.

මෙම අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බව ඔහු පැවසීය.