හිටපු ප්‍රබල කාන්තා දේශපාලඥයෙකුට මිනීමැරුම් චෝදනා ..
By Piyumika
බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඇතුළු 6 දෙනෙකුට විරුද්ධව මිනිමැරුම් චෝදනා යටතේ එරට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ .
පසුගිය මස 19 වැනිදා එරට පැවැති රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ අතරතුරදී ඩකාහි, මොහොමඩ්කාර් ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් සිල්ලර වෙළෙදසැල් හිමිකරුවෙකුගේ මරණය සම්බන්ධයෙන් මෙලෙස මෙම නඩුව ගොනු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරනුයේ.
මේ අතර එරට ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් පවසා ඇත්තේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් බංග්ලාදේශ හිටපු අගමැතිනියට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේද නඩුවක් ගොනුකළ යුතු බවය.