පෙම්වතා විසින් 23 හැවිරිදි පෙම්වතියට ලී කණුවකින් පහර දී මරාදමයි..
By Aruna
සිරිපාගම කැටවල ප්‍රදේශයේදී සිය 23 හැවිරිදි පෙම්වතිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සිරිපාගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයා අදාළ කාන්තාවට ලී කණුවකින් පහර දී ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලබා ගිලීමලේ රෝහලට ඇතුළත් කළ කාන්තාව රත්නපුර රෝහලට මාරුකර යවන විටත් මියගොස් තිබේ.
මෙම පුද්ගලයා සහ කාන්තාව අතර ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව එම පුද්ගලයා ඇයට පහරදී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සිරිපාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
You May Like This Video